ක්‍රිකට් නඩුව දෙසැම්බර් 5ට කල්යයි
ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම දෙසැම්බර් 05 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.
ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම දෙසැම්බර් 05 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.
2023 ලෝක ශූරතා ෆෝමියුලා වන් මෝටර් රථ තරගාවලියේ ශූරතාව හිමිකරගැනීමට රෙඩ්බුල් කණ්ඩායමේ මැක්ස් වර්ස්ටපන් සමත්වුණා.
හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා අමාත්‍යදුරයේත් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වාරිමාර්ග අමාත්‍යධුරයේත් මීට සුළු වේලාවකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම්දෙනු ලැබුවා.
වහාම ක්‍රියාමත්මක වන පරිදි රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා හා වාරිමාර්ග අමාත්‍ය ධුරයෙන් ඉවත් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය මේ බව නිවේදනය කළා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණයට එරෙහිව ගොනුකළ පෙත්සම පිළිබඳ වැඩිදුර සලකා බැලීම හෙට (28) දින තෙක් කල් තැබුණා.
ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ තහනම ඉවත් වීමත් සමඟ Nippon Paint අන්තර් සමාජ රග්බි ලීගයේ 2023/24 වසර සඳහා වන අදියර දෙසැම්බර් මස 01 දා ආරම්භවීමට නියමිතව තිබෙනවා. මෙවර අන්තර් සමාජ රග්බි ලීගය පිළිබඳ සහ කණ්ඩායම් දැනුවත් කිරීම මාධ්‍ය හමුවක් ඉකුත්දා ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන්ට් වයිට් ශාලවේ දී පැවැත්වුණා. තරගාවලිය ආරම්භ කරමින් ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ Havelock…
ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ඒ ඒ කණ්ඩායම් විසින සිය සංචිතයේ රඳවා ගන්නා ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව අද නිවේදනය කළා.
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය (SLSCA) විසින් වයස අවුරුදු 13න් පහළ දෙවන අදියරේ පළමුපෙළ තරගාවලියක් සංවිධාන කර තිබෙනවා. එහි එක් තරගයක් පසුගිය 24 වනදා කොළඹ හින්දු විද්‍යාලය සහ බත්තරමුල්ල MDH ජයවර්ධන මහා විද්‍යාලය අතර පැවැත්වුණා. ඒ, මුල්ලේරියාව ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි. තරගයේ කාසියේ වාසිය දිනූ ජයවර්ධන මහා විද්‍යාලය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාවන කොළඹ හින්දු විද්‍යාලයට…
එළැඹෙන ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන සිම්බාබ්වේ ක්‍රිකට් පිල සමඟ පැවැත්වෙන සියලු තරග කොළඹින් පිටත ක්‍රීඩාංගණ දෙකකදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
ජාතික ධාවන – ඇවිදීම ශූරතාවලියෙන් 2024 වසරේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා තරග කැලැන්ඩරය ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කොට ඇත.