ආසියානු කුසලානයට ශ්‍රී ලංකා දැල්පන්දු සංචිතය නම් කරයි

ලබන සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිත ආසියානු නෙට්බෝල් ශුරතාව ඉලක්ක කොට ගෙන ශ්‍රී ලංකා නෙට්බෝල් සංචිතය තෝරා ගෙන තිබෙනවා.

ක්‍රීඩිකාවන් 18 දෙනකු එම සංචිතයට ඇතුළත් බවයි ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය පැවසුවේ.

හිටපු නායිකාවන් සිව් දෙනකු ඇතුළත් එම සංචිතය සඳහා හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකා හසිතා මෙන්ඩිස් නැවතත් එකතු වී තිබෙනවා.

එම තේරීම් තරග පසුගිය 21 වන දා සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාගාරයේදී පැවැත්වුණා.

ශ්‍රී ලංකා දැල්පන්දු සංචිතය පහතින්.

සෙමිනි අල්විස්, ගයනි දිසානායක, හසිතා මෙන්ඩිස්, දුලංගි වන්නිතිලක, ගයංජලී අමරවංශ, භාෂිනි ද සිල්වා, රෂ්මි පෙරේරා, ඉමාෂා පෙරේරා, ශානිකා පෙරේරා, රැක්ෂලා හපුආරච්චි, සුසීමා බණ්ඩාර, රෂ්මි දිව්‍යාංජලි, ගයත්‍රි කෞෂල්‍යයා, හංසිමා දිසානායක, සචිනි රොද්‍රගු, උමයංගනා දිල්ෂානි, සමින්දි රසාංගි, රෙෂිනි සසදරා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *