පොලාර්ඩ්ට එංගලන්තයේ ක්‍රිකට් තනතුරක්

බටහිර ඉන්දීය කොදෙව් හිටපු නායක කයිරන් පොලාඩ් එංගලන්ත 20-20 කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස පත්කර තිබෙනවා.

ඒ එළඹෙන වසරේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය ඉලක්ක කරගනෙයි.

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2024 වසරේදී අමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් දේශයේ සත්කාරකත්වය යටතේ පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා කොදෙව් දේශයෙන් බිහිවූ සුපිරි පිතිකරුවෙක් වන කයිරන් පොලාඩ් එංගලන්ත 20-20 කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.

පොලාඩ්ගෙන් දේශීය තණතිරුවල තත්ත්වයන් ඇතුළු විශේෂඥ දැනුමක් ලබාගැනීමේ අරමුණ සහිතව මෙම පත්කිරීම සිදුකළ බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

පොලාඩ් විස්සයි විස්ස තරග 101කදී කොදෙව් දේශය නියෝජනය කර ඇති අතර 2012 වසරේදී 20-20 ශූරයන් වූ කොදෙව් කණ්ඩායමේ සාමාජිකයෙක්ද වනවා.

2021 වසරේදී ලෝක කුසලානය වෙනුවෙන් කොදෙව් කණ්ඩායමට නායකත්වය ලබාදුන් පොලාඩ් 2022 වසරේදි ක්‍රීඩා පිටියෙන් සමුගත්තා.

නමුත් ඔහු තවමත් ලීග් තරග වෙනුවෙන් ක්‍රීඩා කරන අතර ඔහුගේ නායකත්වයෙන් යුත් නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම මෙවර අබුඩාබි ටී 10 ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමටද සමත්වුණා.

මීට අමතරව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙසද පොලාඩ් කටයුතු කරනවා.

එංගලන්තය වත්මන් 20-20 ශූරයන් ලෙස තරගාවලියට පිවිසෙන නමුත් එක්දින ලෝක කුසලානයේදී අමිහිරි පරාජයක් ලැබීමට සිදුවුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *