බර ඉසිලීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් එස වූ වැඩිම බර ප්‍රමාණය ඔසවමින් නව වාර්තාවක් පිහිටුවීමට චතුරිකා ප්‍රියන්ති ඊයේ සමත්වුණා.
ඒ පොළොන්නරුවේ පැවැත්වෙන ජාතික බර ඉසිලීමේ ශූරතා තරගාවලියේදීයි.
ජාතික බර ඉසිලීමේ ශූරතා තරගාවලියේ මේ දිනවල පොළොන්නරුවේදී පැවැත්වෙනවා.
එම තරගාවලියේදී කිලෝග්‍රෑම් 87 කාන්තා බර පන්තියෙන් තරග වැදුණු චතුරිකා ප්‍රියන්ති නව ශ්‍රී ලංකා වාර්තා තුනක් පිහිටුවීමට සමත්වුණා.
ඇය ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 90ක් එස්වීමට සමත් වූ අතර එය නව ශ්‍රී ලංකා වාර්තාවක් ලෙසයි සටහන් වුණේ.
ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට ඇය එස වූ කිලෝග්‍රෑම් 113ක බර ප්‍රමාණයද නව ශ්‍රී ලංකා වාර්තාවක් ලෙස සටහන් වුණා.
ඒ අනුව ඇය එස වූ කිලෝග්‍රෑම් 203ක සමස්ත බර ප්‍රමාණයද නව ශ්‍රී ලංකා වාර්තාවක් ලෙස සටහන් වූ අතර එම ප්‍රමාණය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් බර ඉසිලීමේ ඉසව්වකදී එස වූ වැඩිම බර ප්‍රමාණය ලෙස සටහන් වීමද විශේෂත්වයක්.
