මෙවර ආසියානු ක්රීඩා උලෙලේදී ශ්රී ලංකාවට පළමු රන් පදක්කම දිනා දීමට හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග ඊයේ සමත්වුණා.
ශ්රී ලංකාව ආසියානු ක්රීඩා උලෙලකදී පිටියේ ඉසව්වකින් රන් පදක්කමක් මෙලෙස දිනා ගත්තේ වසර 68කට පසුවයි.
මෙවර ජපානයේ පැවැත්වෙන ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්ව සඳහා ශ්රී ලංකාව නියෝජනය කරමින් රුමේෂ් තරංග සහ සහභි වුණා.
ඊට සහභාගි වූ ක්රීඩකයින්ට සියලුදෙනාට මෙම ඉසව්ව අභියෝගයක් වූයේ වර්ෂාව හේතුවෙන්.
රුමේෂ් තරංග සිය පළමු උත්සාහයේදී මීටර 73 යි දශම 53ක දක්ෂතාවක් දැක් වූ අතර ඒ අනුව පළමු වට තුන නිමාවන විට රුමේෂ් පසු වුණේ 3වැනි ස්ථානයේයි.
3වැනි වටය නිමාවන විට ඉන්දීය ක්රීඩකයින් දෙදෙනා පෙරමුණ ගනිද්දී සිය සිවුවැනි උත්සාහයේදී මීටර අසූ අටයි දශම 3යි 3ක දක්ෂතාවක් දක්වමින් රුමේෂ් සිය සුපිරි රිද්මයට පැමිණියේ පෙරමුණ ගනිමින්.
රුමේෂ්ගේ සිය 5 වැනි උත්සහාය අසාර්ථක වූ අතර ඔහු සිය 6 වැනි උත්සහායේදී මීටර 88යි දශම 5යි 5ක දක්ෂතාවක් දක්විමන් මෙවර ආසියානු ක්රීඩා උලෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත්වුණා
ශ්රී ලංකාව මෙවරට ආසිායනු ක්රීඩා උලෙලේ දිනූ පළමු රන් පදක්කම මෙයයි.
අවුරුදු 75ක ආසියානු ක්රීඩා උළෙල ඉතිහාසය තුල මලල ක්රීඩා ඉසව්වකින් ශ්රී ලංකාව ජයග්රහණය කල 13 වන රන් පදක්කම මෙයයි.
මෙය පිටියේ ඉසව්වකින් ශ්රී ලංකාව ජයග්රහණය කල 2 වන රන් පදක්කම වන අතර මිට පෙර උස පැනීමේ ඉසව්වෙන් නාගලිංගම් එදිරිවීරසිංහම් 1958 දී ශ්රී ලංකාව ආසියානු ක්රීඩා උළෙලක ජයග්රහණය කල පළමු රන් පදක්කම පිටියේ ඉසව්වකින් දිනා තිබුණා.
මලල ක්රීඩා විසි කිරීමේ ඉසව්වකින් ශ්රී ලංකාව ජයග්රහණය කල ප්රථම රන් පදක්කම මෙන්ම පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ශ්රී ලංකාව ආසියානු ක්රීඩා උළෙලකදී දිනූ ප්රථම පදක්කමද මෙයයි.
පැවැති මෙම ඉසව්වේ රිදී සහ ලෝකඩ පදක්කම් ඉන්දී්ය ක්රීඩකයින් දෙදෙනා විසින් දිනා ගත් අතර සුමේධ රණසිංහට හිමි වුණේ 6 වැනි ස්ථානයයි.
