බංග්ලාදේශයට ඉතිහාසගත 20-20 ජයක්

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවති පළමු විසස්යි විස්ස තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශය සමත්වුණා.

20-20 තරගයකදී නවසීලන්තය එම රටේදීම බංග්ලාදේශය විසින් පරාජය කළ පළමු අවස්ථාව මෙයයි.

තරගයේ කාසියේ වාසිය දිනු බංග්ලාදේශය පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව නවසීලන්ත පිලේ පළමු කඩුලු 5 ලකුණු 50කදී දවාගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත්වුණා.

නැට්

නවසීලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු වාර්තා කළේ ජිමි නීෂම්.

ඔහු පන්දු 29කදී ලකුණු 48ක් රැස්කළා.

පන්දු යැවීමේදී ශොරිෆූල් ඉස්ලාම් ලකුණු 26 ට කඩුලු 3ක් දවාගත්තා.

මෙහිදි හසන් සහ මුෂ්ෆිකර් රහීම් කඩුලු දෙක බැගින් දවාගැනීමට සමත්වුණා.

ඒ අනුව නවසීලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවි රැස්කළ ලකුණු සංඛයාව 134ක්.

ලකුණු 135ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි බංග්ලාදේශය පන්දුවාර 18යි පන්දු 4කදී කඩුලු 5ක් පමණක් දැවි ජයග්‍රාහි ඉලක්කය පසුකරගියා.

ලීටන් දාස් ලකුණු නොදැවි රැස්කළ ලකුණු සංඛ්‍යාව 42ක්.

ඒ අනුව බංග්ලාදේශය විසින් නවසීලන්තය ,නවසීලන්තයේදීම පරාජය කළ පළමු අවස්ථාව මෙයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *