ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට අන්ත පරාජයක් රන් සිහියත් බොඳවෙයි

මෙවර ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ ශ්‍රී ලංකාව තැබූ රන් පදක්කම් බලාපොරාත්තුව අද බිඳවැටුණා.

ඒ ඉන්දියාව සමග අද පැවැති අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ලකුණු 124ක දරුණු පරාජයක් වැළඳගැනීමත් සමගයි.

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ දෙවන අවසන් පූර්ව තරගය අද පැවැත්වුණේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා පිලේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දී්‍ය කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 7ක් දැවී ලකුණු 169ක් රැස් කිරීමට සමත්වුණා.

ලකුණු 170ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිල යළිත් ඉන්දීය පිල හමුවේ දුර්වල පිතිහරඹයක නිරත වුණේ දරුණු පසුබෑමක් පෙන්නුම් කරමින්.

ශ්‍රී ලංකා මුල් පිතිකරුවන් තිදෙනාම ලකුණු නොලබා දැවී යද්දී ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු 10 සීමාව පසුකිරීමට සමත්වුණේ ලකුණු 15ක් රැස් කළ නුවනිඳු ප්‍රනාන්දු පමණයි.

ඒ ඉන්දීය පන්දුයවන්නන් හමුවේ අන්ත අසරණ වූ ශ්‍රී ලංකා පිල පන්දුවාර 9යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 45ක් රැස් කළේ පාසල් මට්ටමට වඩා අන්ත ක්‍රීඩා විලාශයක නිරතවෙමින්.

ඒ අනුව ඉන්දියාව අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගත් අතර ඔවුන් රන් පදක්කම වෙනුවෙන් පාකිස්තානය සමග තරග ඔක්තෝබර් 3 වැනිදා වැදීමට නියමිතයි.

ශ්‍රී ලංකාව ලෝකඩ පදක්කම වෙනුවෙන් බංග්ලාදේශය සමග ඔක්තෝබර් මස 3 වැනිදා තරග වදිනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *