පාකිස්තානය සමග පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් කඩුලු 04ක පරාජයක් වැළඳ ගැනීමට ශ්රී ලංකාවට අද සිදුවුණා.
ඒ අනුව තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය එකට බින්දුවක් ලෙස පාකිස්තානය පෙරමුණ ගෙන සිටිනවා.
රාවල්පින්ඩි හි පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය වාසිය දිනූ ශ්රී ලංකා පිල පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව පිටියට පිවිසි ශ්රී ලංකා පිලේ මුල් කඩුලු 2 ලකුණු 18ක් තුළ බිඳ වැටුණා.
කෙසේවෙතත් ලහිරු උදාර පන්දු 55කදී ලකුණු 91ක් රැස්කරමින් ශ්රී ලංකා ඉනිම ඔසවා තැබුවා.
කමිඳු මෙන්ඩිස් ලකුණු 23ක් සහ දසුන් ශානක ලකුණු 18ක් රැස්කළ අතර පාකිස්තාන පන්දු යවන්නන් විසින් ශ්රී ලංකා කණ්ඩායමට අතිරේක ලකුණු 29ක් ලබාදී තිබීමද විශේෂත්වයක්.
ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමාකළේ කඩුලු 8ක් දැවී ලකුණු 182ක රැස් කරමින්.
ලකුණු 183ක ජයග්රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 5ක් අවසානයේ කඩුලු 6ක් දැවී ජයග්රාහී ඉලක්කය පසුකර ගියේ ශ්රී ලංකා පිලට තවත් පරාජයක් උරුමකර දෙමින්.
