ෆීෆා අන්තර් ක්‍රීඩා සමාජ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මැන්චෙස්ටර් සිටි පාපන්දු කණ්ඩායම සමත්වුණා.
ඔවුන් එම ශූරතාව දිනා ගත් පළමු අවස්ථාව මෙයයි.
ෆීෆා අන්තර් ක්‍රීඩා සමාජ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයේ සෞදියේ ජෙඩා නුවරදී පැවැත්වුණේ බ්‍රසීලයේ ෆ්ලුමිනන්ස් කණ්ඩායම සහ එංගලන්තයේ මැන්චෙස්ටර් සිටි පාපන්දු කණ්ඩායම අතරයි.
පනස්දහසකට අධික ක්‍රීඩාලෝලීන් පිරිසක් ඉදිරියේ පැවති මෙම තරගයේ පළමු මිනිතතුවේදීම ගෝලයක් වාර්තා කිරීමට මැන්චෙස්ටර් සිටි කණ්ඩායම සමත්වුණා.
පළමු අර්ධය නිමා වන විට ගෝල 2ට බින්දුවක් ලෙස පෙරමුණ ගෙන සිටියේ මැන්චෙස්ටර් සිටි කණ්ඩායමයි.
දෙවන අර්ධයේදී තවත් ගෝල දෙකක් වාර්තා කිරීමට මැන්චෙස්ටර් සිටි කණ්ඩායම සමත් වූ අතර එම අර්ධයේදීද බ්‍රසීලයේ ෆ්ලුමිනන්ස් කණ්ඩායමට එක් ගෝලයක් වාර්තා කිරීමට හැකියාව ලැබුණේ නැහැ.
ඒ අනුව ගෝල 4ට බින්දුවක් ලෙස අවසන් මහා තරගය ජයගත් මැන්චෙස්ටර් සිටි පාපන්දු කණ්ඩායම පළමු වරට අන්තර් ක්‍රීඩා සමාජ ලෝක කුසලාන පාපන්දු තරගාවලියක ශූරතාව දිනා ගැනීමට සමත්වුණා.


