බුවනෙක තුන්වැනි වරටත් ජාතික බැඩ්මින්ටන් ශූරයා වෙයි
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සංවිධාන කළ 71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේදී ත්‍රිත්ව ශූරතා දිනා ගනිමින් ජාතික බැඩ්මින්ටන් ශූරයා ලෙස අභිෂේක ලැබීමට බුවනෙක ගුණතිලක සමත් වුණා.
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සංවිධාන කළ 71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේදී ත්‍රිත්ව ශූරතා දිනා ගනිමින් ජාතික බැඩ්මින්ටන් ශූරයා ලෙස අභිෂේක ලැබීමට බුවනෙක ගුණතිලක සමත් වුණා.
ඉන්දීය කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති ක්‍රීඩිකාවන් වෙන්දේසියේදී චමරි අතපත්තු කිසිඳු කණ්ඩායමක් මිලදී නොගැනීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් මතුව තිබෙනවා. ක්‍රීඩක වෙන්දේසිය ඊයේ පැවැත්වුණේ මුම්බායිහිදි. මෙවර ඉන්දිය කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රීඩිකාවන් වෙන්දේසියට ක්‍රීඩිකාවන් 165 දෙනෙකු ඉදිරිපත් කර තිබූ අතර ඉන් ක්‍රීඩිකාවන් 30 දෙනෙක් තරගාවලියට එක්වන කණ්ඩායම් 5 විසින් මිලදී ගැනීමට නියමිතව තිබුණා. මුම්බායි ඉන්දියන්ස්…
අසේල ගුණරත්නගේ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් මෙවර ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට මනිපාල් ටයිගර්ස් කණ්ඩායමට ඉකුත්දා හැකියාව ලැබුණා.
අන්තර් සමාජ කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය හිමිකරගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සමත්වුණා.
වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තමන් සහභාගීවූ පළමු තරගයෙන් ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත්වුණා.
2023 අබුඩාබි ටී ටෙන් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම ඊයේ සමත්වුණා.
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සදාතනික වීරයන් ඇගයීම වෙනුවෙන් පිරිනැමෙන ICC Hall of Fame ගෞරව නාමයෙන් පිදුම් ලැබූ අරවින්ද ද සිල්වා හට ඔහු ඉගෙනුම ලැබූ කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය අද උපහාර පිරිනැමුවා.
වසරින් වසර කල් යමින් පවතින දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පකිස්තානයෙන් ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා ඇති හැකියාව පිළිබඳ කඩිනමින් සොයා බලන ලෙස ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ජාතික ඔලිම්පික් කමිටුව වෙත උපදෙස් දී තිබෙනවා.
සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
2024 වර්ෂය ශ්‍රී ලංකා පාපන්දුවට ඉතාම කාර්යබහුල වසරක් වන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා පවසනවා ඔහු මේ බව පැවසුවේ පාපන්දු නිවහනේදී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.