මැතිව්ස්, භානුක, බිනුර 20-20 සංචිතයට කැඳවයි

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් සමන්විත 20-20 තරගාවලිය සඳහා ඇන්ජලෝ මැතිව්ස්, භානුක රාජපක්ෂ සහ බිනුර ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබෙනවා.

ශ්‍රී ලංකා 20-20 සංචිතයට මේ වන විට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියද හිමිව ඇති බවයි වාර්තාවන්නේ.

සිම්බාබේ කණ්ඩායම ජනවාරි මස මුලදී එක්දින සහ 20-20 තරගාවලියකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතයි.

20-20 තරගාවලියට එක්වන 22 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍යවරයාගේද අනුමැතිය හිමි වී ඇති එම 20-20 සංචිතයේ නායකයා ලෙස වනිඳු හසරංග නම් කර ඇති අතර උප නායකයා චරිත් අසංලක.

ඇන්ජලෝ මැතිව්ස් යළිත් ශ්‍රී ලංකා 20-20 සංචිතයට කැඳවා ඇති අතර ඔහු 2021 වසරෙන් පසුවයි ශ්‍රී ලංකා 20-20 සචිතයට කැඳවා ඇත්තේ.

භානුක රාජපක්ෂ, බිනුර ප්‍රනාන්දු සහ අකිල ධනංජයද 20-20 සංචිතයට නම් කර තිබෙනවා.

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන 20-20 තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය මෙසේයි.

වනිඳු හසරංග
චරිත් අසලංක
පැතුම් නිස්සංක
කුසල් මෙන්ඩිස්
සධීර සමරවික්‍රම
දසුන් ශානක
ඇන්ජලෝ මැතිව්ස්
ධනංජය ද සිල්වා
මහීෂ් තීක්ෂණ
නුවන් තුෂාර
කුසල් ජනිත්
භානුක රාජපක්ෂ
කමිඳු මෙන්ඩිස්
මතීෂ පතිරණ
දුනිත් වෙල්ලාලගේ
අකිල ධනංජය
ජෙෆ්රි වැන්ඩර්සේ
චාමික කරුණාරත්න
බිනුර ප්‍රනාන්දු
ප්‍රමෝද් මධුෂාන්
ඩිල්ෂාන් මදුෂංඛ සහ
දුෂ්මන්ත චමීර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *