එක්දින නායකයා කුසල්, වනිඳු 20-20 නායකයා

සිම්බාබ්වේ කණ්ඩායම සමග ජනවාරි මස පැවැත්වෙන එක්දින සහ 20-20 තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව එක්දින නායකයා ලෙස කුසල් මෙන්ඩිස් නම් කර ඇති අතර 20-20 කණ්ඩායමේ නායකයා ලෙස නම් කර ඇත්තේ වනිඳු හසරංගයි.

සිම්බාබේ කණ්ඩායම සමග ජනවාරි මස පැවැත්වෙන එක්දින සහ 20-20 තරගාවලියකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතයි.

ඊට එක්වන එක්දින සහ 20-20 මූලික සංචිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිලවශයෙන් නිවේදනය කළා.

ඒ අනුව එක්දින සංචිතයේ නායකයා ලෙස කුසල් මෙන්ඩිස් නම් කර ඇති අතර වනිඳු හසරංග 20-20 සංචිතයේ නායකයා ලෙස නම් කර තිබෙනවා.

චරිත් අසංලක එක්දින සහ 20-20 සංචිතවල උප නායකයා ලෙසයි නම් කර ඇත්තේ.

ක්‍රීඩා අමාත්‍යවරයාගේද අනුමැතිය හිමිවී ඇති 22 දෙනෙකුගෙන් යුත් 20-20 සංචිතයට ඇන්ජලෝ මැතිව්ස්, භානුක රාජපක්ෂ, බිනුර ප්‍රනාන්දු සහ අකිල ධනංජයද යළිත් කැඳවා තිබෙනවා.

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන 20-20 තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා මූලික සංචිතය මෙසේයි.

වනිඳු හසරංග
චරිත් අසලංක
පැතුම් නිස්සංක
කුසල් මෙන්ඩිස්
සධීර සමරවික්‍රම
දසුන් ශානක
ඇන්ජලෝ මැතිව්ස්
ධනංජය ද සිල්වා
මහීෂ් තීක්ෂණ
නුවන් තුෂාර
කුසල් ජනිත්
භානුක රාජපක්ෂ
කමිඳු මෙන්ඩිස්
මතීෂ පතිරණ
දුනිත් වෙල්ලාලගේ
අකිල ධනංජය
ජෙෆ්රි වැන්ඩර්සේ
චාමික කරුණාරත්න
බිනුර ප්‍රනාන්දු
ප්‍රමෝද් මධුෂාන්
ඩිල්ෂාන් මදුෂංඛ සහ
දුෂ්මන්ත චමීර

සිම්බාබ්වේ පිල සමග පැවැත්වෙන එක්දින තරගාවලියට එක්වන 21 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා මූලික සංචිතය මෙසේයි.

කුසල් මෙන්ඩිස් – නායක
චරිත් අසලංක – උප නායක
පැතුම් නිස්සංක
අවිශ්ක ප්‍රනාන්දු
සදීර සමරවික්‍රම
සහන් ආරච්චිගේ
නුවනිඳු ප්‍රනාන්දු
දසුන් ශානක
කමිඳු මෙන්ඩිස්
චාමික කරුණාරත්න
ජනිත් ලියනගේ ව
වනිඳු හසරංග
මහීෂ් තීක්ෂණ
ඩිල්ෂාන් මදුසංඛ
දුෂ්මන්ත චමීර
දුනිත් වෙල්ලාලගේ
ප්‍රමෝද් මදුෂාන්
අසිත ප්‍රනාන්දු
අකිල ධනංජය
ජෙෆ්රි වැන්ඩර්සේ
චාමික ගුණසේකර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *