ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයන් තිදෙනෙක්ට ඉදිරි වසර දෙක සඳහා විරෝධතා සහතික නිකුත් නොකිරීමට ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ඒ මුජිබර් රහමන්,ෆසාල් ෆාරූකි සහ නවින් උල් හක්ටයි.
මුජිබර් රහමන්,ෆසාල් ෆාරූකි සහ නවින් උල් හක් ඇෆ්ගනිස්ථානයට ක්‍රීඩා කිරීමට වඩා ඔවුන්ගේ පෞද්ගලික අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දෙමින් වාණිජ ලීග්වලට සම්බන්ධ වනවා යැයි ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය චෝදනා කරනවා.
ඒ සමඟ ඔවුන් තිදෙනා ඇෆ්ගනිස්තාන වාර්ෂික මධ්‍යම කොන්ත්‍රාත්තුවෙන් නිදහස් කිරීමට ඇෆ්ගනිස්තාන විශේෂඥ කමිටුව නිර්දේශ කළා.
එමනිසා මෙම ක්‍රීඩකයන් තිදෙනාට ඉදිරි වසර දෙක සඳහා විරෝධතා සහතික නැතහොත් NOC සහතික ලබා නොදෙන ලෙස ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ විශේෂ කමිටුව යෝජනා කර තිබෙනවා.
කොන්ත්‍රාත්තුගත ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලීග් තරග සඳහා එක්වනවා නම් එරට ක්‍රිකට් ආයතනයෙන් මෙම ක්‍රීඩකයා තරගාවලියට සහභාගී වනවාට විරෝධයක් නැති බව දන්වමින් නිකුත් කරනු ලබන සහතිකය විරෝධතා සහතික නැතහොත් NOC නම්වනවා.
එළඹෙන අයි පී එල් තරගාවලිය සඳහා මුජිබර් කොල්කටා නයිට් රයිඩර්ස් කන්ඩායම සමග ගිවිසුම්ගතව ඇති අතර ෆසාල් ෆාරූකි සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමඟ ගිවිසුම්ගතව සිටිනවා.
නවීන් උල් හක් ගිවිසුම්ගතව ඇත්තේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමඟයි.
මේ තත්වය මත ඔවුන්ට තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනයෙන් NOC සහතික ලබා දෙන්නේ නැහැ.
