ජනවාරි 6 වැනිදා ආරම්භ වීමට නියමිත සිම්බාබ්වේ – ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් අද සිට ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට ප්‍ර වේශ පත්‍ර මිලදී ගැනීමට හැකියි.
ඒ අතර ජනවාරි 4 වැනිදා සිට විද්‍යා මාවතේ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සහ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයෙන් ප්‍ර වේශ පත්‍ර මිලදී ගැනීමට අවස්ථාව හිමිවනවා.
තරගාවලිය නැරඹීම සඳහා ප්‍ර වේශ පත්‍රයක අවම මිල රුපියල් 200ක්.
තරගාවලියේ එක්දින තරග දිවා – රාත්‍රී තරග ලෙස පැවැත්වෙන අතර විස්සයි විස්ස තරගාවලිය රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතයි.
ප්‍රවේශපත්‍ර මිල ගණන් පහතින්…

