පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා තුනකොන් 20-20 තරගාවලිය සඳහා පාකිස්තානය, ශ්රී ලංකාව සහ බංග්ලාදේශය සහභාගි වනවා.
තරගාවලියේ තවත් තරගයක් ශ්රී ලංකා සහ බංග්ලාදේශ අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම් අතර ඊයේ පැවැත්වුණා.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ යොවුන් කාන්තා පිල නියමිත පන්දුවාර 20දී කඩුලු 7ක් දැවී ලකුණු 119ක් රැස් කළා.
එස් ඉස්ලාම් ලකුණු 39ක් රැස් කළ අතර පන්දුයැවීමේදී අසේනි තලගුනේ සහ චමෝදි හේරත් කඩුලු 2ක බැගින් දවා ගත්තා.
ලකුණු 120ක ජයග්රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්රී ලංකා කාන්තා පිල නියමිත පන්දුවාර 20දී කඩුලු 6ක් දැවී එම ඉලක්කය පසුකර යාමට සමත්වුණා.
සංජනා කාවින්දි ලකුණු 48ක් සහ විමෝක්ෂා බාලසූරිය ලකුණු 21ක් රැස් කළා.
ශ්රී ලංකා යොවුන් කාන්තා පිලට අවසන් පන්දුවාරයේදී ජයග්රහණය සඳහා ලකුණු 8ක් අවශ්යව තිබුණා.
මුල් පන්දු 5ට ලකුණු 6ක් රැස්කර ගත් ශ්රී ලංකා කාන්තා යොවුන් පිලට අවසන් පන්දුවේදී ජයග්රහණය සඳහා ලකුණු 2ක් වුණා.
ලිමන්සා තිලකරත්න ලකුණු අවසන් පන්දුවේදී ලකුණු 2ක් රැස් කරමින් ශ්රී ලංකා යොවුන් කාන්තා පිල තියුණු ජයග්රහණයක් කරා රැගෙන ගියා.
