ඉයන් බෙල්ට ශ්රී ලංකා පිතිකරුවන් භාර කරයි
ශ්රී ලංකා කණඩායමේ එංගලන්ත සංචාරයේදී ශ්රී ලංකා පිලේ පිතිකරණ පුහුණුකරු ලෙස හිටපු එංගලන්ත පිතිකරු ඉයන් බෙල් පත් කිරීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.
ශ්රී ලංකා කණඩායමේ එංගලන්ත සංචාරයේදී ශ්රී ලංකා පිලේ පිතිකරණ පුහුණුකරු ලෙස හිටපු එංගලන්ත පිතිකරු ඉයන් බෙල් පත් කිරීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.
අන්තර් සමාජ ප්රධානතම සීමිත පන්දුවාර එක්දින තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට තනුක දාබරේ නායකත්වයෙන් යුතු ඒස් කැපිටල් කණ්ඩායම ඉකුත්දා සමත්වුණා.
ICC ජුලි මාසයේ දක්ෂතම ක්රීඩිකාව ලෙස ශ්රී ලංකා නායිකා චමරි අතපත්තු අද නම් කෙරුණා.
ශ්රී ලංකා ක්රිකට් මහනුවර දිස්ත්රික් වයස අවුරුදු 19න් පහල කණ්ඩායම් ක්රීඩක ක්රීඩිකාවන්ගේ කායික සහ මානසික ඒකාග්රතාවය වර්ධනය කිරීමේ දෙදින සැසියක් අද දින පල්ලෙකැලේ ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේදී ආරම්භ වුණා.
මහනුවර මහාමායා සහ ශාන්ත අන්තෝනි බාලිකා විද්යාල අතර දෙවන වරට පැවති කන්ද උඩරට කුමරියන්ගේ නිල්මහ සටන මහා ක්රිකට් තරගය කඩුලු 3කින් ජය ගැනීමට ශාන්ත අන්තෝනි බාලිකා විද්යාලය ඉකුත්දා සමත්වුණා.
ජෙෆ්රි වැන්ඩර්සේගේ සහ නායක චරිත් අසලංකගේ සුපිරි පන්දු යැවීම හේතුවෙන් වසර 3කට පසු ඉන්දියාවට එරෙහිව එක්දින තරග ජයක් ලැබීමට ශ්රී ලංකාවට ඊයේ හැකිවුණා.
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්රී ලංකාව අතරකොළඹ ආර් ප්රේමදාස ක්රීඩාංගණයේ පැවති පළමු එක්දින ක්රිකට් තරගය ලකුණු සමවීමෙන් අවසන් වුණා.
ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා මෙතෙක් ජාත්යන්තර ක්රිකට් වරම් දිනා නොමැති වේග පන්දුයවන්නන් දෙදෙනෙකු වන මොහොමඩ් ෂිරාස් සහ ඒෂාන් මාලිංග ශ්රී ලංකා සංචිතයට කැඳවා තිබෙනවා.
වසර 20ක ආසියානු කුසලාන කාන්තා තරගාවලි ඉතිහාසයේ පළමු වරට ශූරියන් බවට පත් වූ චමරි අතපත්තු ප්රමුඛ ශ්රී ලංකා කාන්තා ක්රිකට් පිලට අමෙරිකානු ඩොලර් ලක්ෂ 5ක මුදලක් ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් අද පිරිනැමුවා.
රයිලි රෝසෝගේ සහ කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් සිව්වන වරටත් ලංකා ප්රිමියර් ලීග් කිරුළ හිමිකර ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ සමත්වුණා.