පළමු එක්දින තරගයේ ලකුණු සමවෙයි – වැඩි ගෞරව ශ්‍රී ලංකාවට

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතරකොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය ලකුණු සමවීමෙන් අවසන් වුණා.

කෙසේවෙතත් එම තරගයේ වැඩි ගෞරව හිමිවූයේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි.

තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායකයා දිනා ගත් අතර ඔහු පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

තරගයේදී යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මොහෙමඩ් ශිරාස් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් ලබා ගැනීම විශේෂත්වයක්.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 නිමා කළේ කඩුලු 8ක් දැවී ලකුණු 230ක් රැස් කරමින්.

පැතුම් නිස්සංක ලකුණු 56ක් රැස් කළ අතර සිය එක්දින දිවියේ මංගල අර්ධ ශතකය වාර්තා කළ දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 67ක් රැස් සහ වනිඳු හසරංග ලකුණු 24ක් රැස් කළා.

ලකුණු 231ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ඉන්දීය ආරම්භක පිතිකරුවන් යුගල ආරම්භ කඩුල්ලට ලකුණූ 75ක සබඳතාවක් ගොඩනැගුවා.

අනතුරුව ලකුණු ලකුණු 12ක් තුළ නායක රෝහිත් ෂර්මා, ශුබ්මන් ගිල් සහ වොෂිංග්ටන් සුන්දර් දවා ගනිමින් දුනිත් වෙල්ලාලගේ සහ අකිල ධනංජය ඉන්දීය පිලට පීඩනයක් එල්ල කළා.

චරිත් අසංලක සහ වනිඳු හසරංගගේ සුපිරි පන්දු යැවීම හමුවේ ඉන්දිය කණ්ඩායම ඉන්දිය කණ්ඩායම තවත් පීඩනයකට ඇද වැටුණු අතර ඔවුන්ට පන්දු 14කදී එක් ලකුණකු ලබා ගත යුතුව තිබු අතර ඔවුන්ට අතැතිව තිබුණේ කඩුල්ලක් පමණයි.

ඒ අනුව චරිත් අසංලක අර්ෂ්දීප්ගේ කඩුල්ල දවා ගැනීමත් සමග තරගය ලකුණු සමවීමෙන් අවසන් වුණේ තරගයේ වැඩි ගෞරව ශ්‍රී ලංකා පිලට හිමිකර දෙමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *