ඉන්දීය පිතිකරුවන් මෙල්ල කිරීමට නවකයින් දෙදෙනෙක් කැඳවයි

ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා මෙතෙක් ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා නොමැති වේග පන්දුයවන්නන් දෙදෙනෙකු වන මොහොමඩ් ෂිරාස් සහ ඒෂාන් මාලිංග ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබෙනවා.

ඒ ආබාධයට ලක් වූ ඩිල්ෂාන් මධුසංඛ සහ මතීෂ පතිරණ වෙනුවටයි.

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය පැවසුවේ මේ වන විට ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් 6 දෙනෙකු ආබාධවලට ලක්ව සිටින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *