වසර 20ක ආසියානු කුසලාන කාන්තා තරගාවලි ඉතිහාසයේ පළමු වරට ශූරියන් බවට පත් වූ චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට අමෙරිකානු ඩොලර් ලක්ෂ 5ක මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද පිරිනැමුවා.
ගත වූ වසර දෙකේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල විශිෂ්ට දියුණුවක් ලබා ඇති අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙවර ආසියානු ශූරියන් වීමට ශ්‍රී ලංකා කාන්තා පිලට හැකියාව ලැබුණා.
