ශ්‍රී ලංකා කණඩායමේ එංගලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා පිලේ පිතිකරණ පුහුණුකරු ලෙස හිටපු එංගලන්ත පිතිකරු ඉයන් බෙල් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ ඔහු ලබන 16 වැනිදා සිට ශ්‍රී ලංකා කණ්ඩායම සමග කටයුතු කරන බවයි.
ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම ටෙස්ට් තරග 3කට සහභාගි වීම සඳහා ඉකුත්දා දිවයිනෙන් පිටත්ව ගිය අතර දෙරට අතර පළමු ටෙස්ට් තරගය අගෝස්තු 21 වැනිදා මැන්චෙස්ටර් හිදි ආරම්භ වීමට නියමිතයි.
ශ්‍රී ලංකා කණඩායමේ එංගලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස හිටපු එංගලන්ත පිතිකරු ඉයන් බෙල්ගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඉයන් බෙල් අගෝස්තු මස 16 වැනිදා සිට ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ කටයුතු කිරීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ එංගලන්තයට එරෙහිව පැවැත්වෙන මෙම තරගාවලිය ටෙස්ට් තරග 3 කින් සමන්විත වන අතර එම තරගාවලිය අවසන් වන තෙක් බෙල් අදාළ ධුරයේ කටයුතු කරනු ඇති.
හිටපු එංගලන්ත ඉදිරි පෙළ පිතිකරුවා එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 118 කට ක්‍රීඩා කරමින් මුලු ලකුණු 7727 ක් රැස් කර ගැනීමට සමත්ව සිටින්නේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 42.69 ක් රඳවා ගනිමින්. බෙල්ගේ නම ඉදිරියෙන් ලියැවී ඇති ටෙස්ට් ශතක සංඛ්‍යාව 22 ක්.
ඉයන් බෙල්ගේ පත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා පැවසුවේ එංගලන්තයේ තත්වයන් පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට අවබෝධයක් ලබාදීම සඳහා ඉයන් බෙල්ව පිතිකරණ පුහුණුකරු වශනේ පත් කළ බවයි.
එංගලන්තයේ ක්‍රීඩා කර අත්දැකීම් රාශියක් ඇති ඉයන් බෙල්ගේ දායකත්වය මෙම තීරණාත්මක සංචාරයේදී සිය කණ්ඩායමට උපකාරී වනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරීවරයා පැවසුවේ.
