ශ්‍රී ලංකා ක්‍රිකට් මහනුවර දිස්ත්‍රික් වයස අවුරුදු 19න් පහල කණ්ඩායම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කායික සහ මානසික ඒකාග්‍රතාවය වර්ධනය කිරීමේ දෙදින සැසියක් අද දින පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා.
මලල ක්‍රීඩා උපදේශක සුනිල් ගුණවර්ධන මහතාගේ සම්පත් දායකත්වයෙන් සිදු කෙරෙන අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික සංවර්ධන ගමන් මග (ක්‍රිකට් ගමට) වැඩසටහන යටතේ දිස්ත්‍රික්ක 25ම ආවරණය කරමින්, සියලුම දිස්ත්‍රික් වයස අවු 17/19 න් පහල පිරිමි සහ අවු 19න් පහල කාන්තා කණ්ඩායම් උදෙසා මෙම වැඩසටහන ක්‍රියාත්මක වීමට නියමිතයි.
මෙහි සමාරම්භක වැඩසටහන පසුගිය ජූලි මස මාතලේ දිස්ත්‍රික්කයේ පැවැති අතර, අනුරාධපුර සහ පොලොන්නරුව දිස්ත්‍රික්ක තුලදී ද පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක වුණා.

