කන්ද උඩරට කුමාරියන්ගේ සටනේ ජය ශාන්ත අන්තෝනි බාලිකාවට

මහනුවර මහාමායා සහ ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාල අතර දෙවන වරට පැවති කන්ද උඩරට කුමරියන්ගේ නිල්මහ සටන මහා ක්‍රිකට් තරගය කඩුලු 3කින් ජය ගැනීමට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය ඉකුත්දා සමත්වුණා.

තරගය පැවැත්වුණේ පල්ලේකලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

මහනුවර මහාමායා සහ ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාල අතර දෙවන වරටත් පැවති කන්ද උඩරට කුමරියන්ගේ නිල්මහ සටන මහා ක්‍රිකට් තරගය මෙවරද පැවැත්වුණේ පල්ලේකැලේ ක්‍රීඩාගංණයේදීයි.

මෙම තරගයේ ප්‍රධාන ආරාධිතයින් ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හර්ෂිතා සමරවික්‍රම සහ විශ්මි ගුණරත්න එක්වුණා.

මෙම බාලිකා විද්‍යාල දෙකේ සිසුවියන් සහ මවුපියන් රැසක් තරගය නැරඹීමට පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැමිණ සිටි අතර තරග පැවැත්වුණේ පන්දුවාර 30 තරගයක් ලෙසයි.

තරගයේ කාසියේ වාසිය ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය දිනා ගත් අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට සඳහා මහාමායා විද්‍යාලයට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි මහාමායා බාලිකා විද්‍යාලය නියමිත පන්දුවාර 30 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 128ක් රැස් කළා.

සයුනි ලක්ෂිකා ලකුණු 20ක් රැස් කළ අතර පන්දුයැවිමේදී යෝජගරාජන් ප්‍රවින්‍යා ලකුණු 15ට කඩුලු 3ක් දවා ගැනීමට සමත්වුණා.

ලකුණු 129ක ඉලක්කයක් හඹාගිය ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයට පන්දුවාර 27ක් අවසානයේ කඩුලු 7ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යමින් කන්ද උඩරට කුමරියන්ගේ නිල්මහ සටන මහා ක්‍රිකට් තරගය ජය ගත්තා.

මෙම තරගයේ කුසලාන ප්‍රදානය සිදු කෙරුණේ ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහගේ ප්‍රධානත්වයෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *