ICC ජුලි මාසයේ දක්ෂතම ක්‍රීඩිකාව චමරි

ICC ජුලි මාසයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු අද නම් කෙරුණා.

ඇය මෙම සම්මානය දිනූ 3 වැනි අවස්ථාව මෙයයි.

ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සමගින් ICC ජුලි මාසයේ ක්‍රීඩිකාව සඳහා ඉන්දීයාවේ ස්මිත්‍රි මන්දනා සහ ශෆාලි වර්මා නිර්දේශ වී සිටියා.

ඒ අනුව ජුලි මාසයේදි වැඩි දක්ෂතා ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු අයි සී සී ජුලි මාසයේ ක්‍රීඩිකාව ලෙස අද නම් කෙරුණා.

ඒ ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේදී ඇය දැක් වූ සුපිරි දක්ෂතා හේතුවෙන්.

මෙම තරගාවලියේදී දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගත්තේද චමරි අතපත්තුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *