ජීවන් මෙන්ඩිස්ගෙනුත් ක්‍රිකට් වෙත අයදුම්පතක්
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යැවීම් පුහුණුකරු තනතුර සඳහා අයදුම්කර තිබෙනවා.
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යැවීම් පුහුණුකරු තනතුර සඳහා අයදුම්කර තිබෙනවා.
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවති පළමු විසස්යි විස්ස තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශය සමත්වුණා.
ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයන් තිදෙනෙක්ට ඉදිරි වසර දෙක සඳහා විරෝධතා සහතික නිකුත් නොකිරීමට ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ලබන සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිත ආසියානු නෙට්බෝල් ශුරතාව ඉලක්ක කොට ගෙන ශ්‍රී ලංකා නෙට්බෝල් සංචිතය තෝරා ගෙන තිබෙනවා.
බටහිර ඉන්දීය කොදෙව් හිටපු නායක කයිරන් පොලාඩ් එංගලන්ත 20-20 කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස පත්කර තිබෙනවා.
ජනවාරි 6 වැනිදා ආරම්භ වීමට නියමිත සිම්බාබ්වේ – ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් අද සිට ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.
අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලිය ඉකුත්දා පැවති තවත් තරගයකින් ජය වාර්තා කිරීමට NCC ක්‍රීඩා සමාජය සමත්වුණා.
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය 72 වැනි වරට සංවිධාන කළ ජාතික වොලිබෝල් තරගාවලියේ සුපර් ලීග් පිරිමි ශූරතාව දිනා ගැනීමට යුද හමුදා කණ්ඩායම සමත් වූ අතර, කාන්තා ශූරතාව ගුවන් හමුදාව දිනා ගැනීමට සමත්වුණා.
කෘත්‍රිම හොකී පිටිය නවීකරණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මූල්‍ය අනුග්‍රහයක් ලබා දී තිබෙනවා.
ශ්‍රී ලංකා කනිෂ්ඨ විවෘත ගොල්ෆ් තරගාවලිය කොළඹ රාජකීය විද්‍යාලයීය ගොල්ෆ් පිටියේදී ඉකුත්දා නිමාවට පත්වුණා.
මෙවර තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 150කට අධික සංඛ්‍යාවක් එක්ව සිටියා.