අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 6වන සති අන්තයේ තරග ආරම්භ කරමින් පළමු තරගය ඊයේ පැවැත්වුණේ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය අතරයි.
එම තරගයේ ජය වාර්තා කිරීමට ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සමත්වුණා.
රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ පැවති තරගය ආරම්භයේදී විශිෂ්ඨ ක්‍රීඩා විලාශයක් පෙන්නුම්කළ යුද හමුදා ක්‍රීඩා සමාජය ලකුණු 14ක් වාර්තා කිරීමට සමත්වුණා.
එම අර්ධයේදී ගුවන් හමුදා ක්‍රීඩා සමාජය රැස්කළේ ලකුණු 10ක් පමණයි.
දෙවන අර්ධයේදී සිය ක්‍රීඩා විලාශය වෙනස්කළ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය ලකුණු 7ක් රැස්කිරීමට සමත්වුණා.
නමුත් එම අර්ධයේදී යුද හමුදා ක්‍රීඩා සමාජය ලකුණු රැස්කිරීමට සමත්වුණේ නැහැ.
ඒ අනුව ලකුණු 17ට 14ක් ලෙස තරගය ජයගැනීමට ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සමත්වුණා.
ගුවන් හමුදා කණ්ඩායමේ ලකුණු 17 ට උත්සාහක දිනුම් 02 ක් ප්‍රවර්තන 02 ක් හා දඩුවම් පහරක් ඇතුළත් වුණා.
යුධහමුදා හමුදා කණ්ඩායම ලකුණු 14 ලබා ගත්තේ උත්සාහක දිනුම් 02 ක් සහ ප්‍රවර්තන 02 ක් මගින්.
