කොළඹ එක්දින තරග පල්ලේකැලේට මාරුවෙයි

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන අතර පැවැත්වීමට නියමිත එක් දින ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණයේ වෙනසක් සිදු කර තිබෙනවා.

ඒ අනුව කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත වූ එම එක්දින තරග 3 පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදි පැවැත්වීමට තීරණය කළ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඇෆ්ගනිස්ථාන පිලේ ශ්‍රී ලංකා තරග සංචාරයේදි ටෙස්ට් තරගයක්, එක්දින තරග 3ක් සහ 20-20 තරග 3ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය මීට පෙර කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමටයි සැලසුම් කර තිබුණේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළේ එම තරග 3 පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තීරණය කළ බවයි.

ඒ අනුව තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය පෙබරවාරි 9 වැනිදා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වනවා.

ශ්‍රී ලංකා තරග සංචාරයට එක්වන ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ජනවාරි මස 30 වැනිදා දිවයිනට පැමිණිමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *