අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට SCC ක්‍රීඩා සමාජය ඊයේ සමත්වුණා.
ඒ අවසන් මහා තරගයේදී සෙබස්තියන් ක්‍රීඩා සමාජය ලකුණු 71කින් පරාජය කරමින්.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය SCC ක්‍රීඩා සමාජය සහ සෙබස්තියන් ක්‍රීඩා සමාජය අතර කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.
පළමුවෙන් පන්දුවට පහරදුන් SCC කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 201ක්.
ක්‍රිෂාන් සංජුල ලකුණු 84ක් රැස් කළ අතර චමිඳු වානගුරු නොදැවී ලකුණු 36ක් සහ ෂෙවෝන් ඩැනියෙල් ලකුණු 35ක් රැස් කිරීමට සමත්වුණා.
පන්දුයැවිමේදී චාමික එදිරිසිංහ, ඉසිත විජේසුන්දර සහ දුෂාන් විමුක්ති කඩුලු 2 බැගින් දවා ගත්තා.
ලකුණු 202 ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සෙබස්තියන් ක්‍රීඩා සමාජයට පන්දුවාර 42ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 130ක් පමණයි.
චාමික එදිරිසිංහ ලකුණු 37ක් රැස් කළ අතර ඉසිවර දිසානායක ලකුණු 19යි.
පන්දුයැවීමේදී ප්‍රභාත් ජයසූරිය කඩුලු 3ක් දවා ගත් අතර ගිහාන් බාලසූරිය සහ නුවනිඳු ප්‍රනාන්දු කඩුලු 2 බැගින් දවා ගත්තා.
ඒ අනුව අවසන් මහා තරගය ලකුණු 71කින් ජය ගත් SCC ක්‍රීඩා සමාජය මෙවර අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත්වුණා.
