මැතිව්ස් – දසුන් ශ්‍රී ලංකාව ජය ගෙනෙයි

Zimbabwe tour of Sri Lanka 2024

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු 20-20 තරගය තියුණු සටනකින් පසුව ජයගැනීමට ශ්‍රි ලංකාව සමත් වුණා.

ඒ අනුව ශ්‍රි ලංකාවට කඩුළු තුනක ජයක් හිමිවුණා.

තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායක වනිඳු හසරංග දිනාගත් අතර ඔහු පළමුවෙන් පන්දුවට පහරදීමට සඳහා සිම්බාබ්වේ පිලට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 5ක් දැවි ලකුණු 143ක් රැස් කිරීමට සමත්වුණා.

නායක සිකන්දර් රාසා ලකුණු 62ක් රැස් කළ අතර පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ සහ නායක වනිඳු හසරංග කඩුලු දෙක බැගින් දවා ගත්තා.

ලකුණු 144ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල ලකුණු 2කදී බිඳ වැටුණා.

සිම්බාබ්වේ පන්දු යවන්නන් ශ්‍රී ලංකා ඉනිමේ මුලු කඩුලු 6 ලකුණු 83ක් තුළ දවා ගැනීමට සමත්වුණා.

ශ්‍රී ලංකා පිලට ජය මාවත විවර කර දුන් ඇන්ජලෝ මැතිව්ස් සහ දසුන් ශානක ලකුණු 55ක සබඳතාවක් ගොඩ නැගුවා.

තරගයේ අවසන් පන්දුවේදී ජයග්‍රාහී ඉලක්කය පසුකර යෑමට ශ්‍රි ලංකාව සමත් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *