ගෙවුණු 2023 වසරේ ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ දක්ෂතා දැක් වූ ක්‍රීඩක ක්‍රීඩික ක්‍රීඩිකාවන් ඇතුළත් කරමින් එක්දින, ටෙස්ට් සහ 20-20 කණ්ඩායම් මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව ගත වූ වසරේදී පිත්තෙන් දස්කම් දැක්වූ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ගත වසරේ ටෙස්ට් කණ්ඩායමට ඇතුළත් කිරීමටයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන ඇත්තේ.
ආරම්භක පිතිකරු භූමිකාවට පණ පෙවූ නායක දිමුත් කරුණාරත්න ගත වූ වසරේදී තරග 6කදී ඉනිම් 10ක් ක්‍රීඩා කරමින් ලකුණු 608ක් ලබා ගැනීමට සමත් වුනා.
60.80ක පිතිකරණ සාමාන්‍යයක් ද සහිතව දිමුත් විසින් ලබා ගත් මෙම ලකුණු අතරට නවසීලන්තයේ දී ඉනිම හතරක් තුළ ලබා ගත් අර්ධ ශතක තුනක් සහ ශ්‍රී ලංකාවේ දී අයර්ලන්තයට එරෙහිව වාර්තා කළ ශතක ද්විත්වයක් ද ඇතුළත්.
මේ අතර 2023 වසරේ ජාත්‍යන්තර 20යි 20 පිටියේදී ක්‍රීඩිකාවන් දැක්වූ දක්ෂතා පදනම් කරගනිමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සකස් කළ 2023 වසරේ 20යි 20 කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙස නම් කළ චමරි අතපත්තු 2023 වසරේ කාන්තා එක්දින කණ්ඩායමේ නායකත්වයටද පත්කර තිබෙනවා.
ගෙවුණු වසරේ දී චමරිගේ නායකත්වය යටතේ නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව තරග 2-1ක් ලෙස ඉතිහාසගත එක්දින තරගාවලි ජයග්‍රහණයක් ලැබූ අතර, ඒ වෙනුවෙන් චමරිගේ නායකත්වය මෙන්ම පිතිකරණය ද විශාල කාර්ය භාර්යයක් ඉටු කළා.
2023 වසරේ දී එක්දින ජාත්‍යන්තර තරග 8ක් පමණක් ක්‍රීඩා කළ චමරි, එහි දී 69.16ක් වැනි ඉහළ පිතිකරණ සාමාන්‍යයක් ද සහිතව ලකුණු 415ක් ලබා ගැනීමට සමත්වුණා.


