වසරේ පාපන්දු ක්‍රීඩකයා මෙසී

අඛන්ඩව දෙවරක් වසරේ ෆිෆා පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගැනීමට සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනොල් මෙසී ඊයේ සමත්වුණා.

ඒ සමඟ මෙසී වාර්තා අතරට එක්වුණේ වසරේ ෆිෆා පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය තුන්වතාවක් හිමිකරගත් එකම පාපන්දු ක්‍රීඩකයා ලෙසයි.

පාපන්දු ක්‍රීඩාවේ විශිෂ්ඨතමයන් වෙනුවෙන් සම්මාන පිදෙන ෆිෆා පාපන්දු සම්මාන රාත්‍රීය ඊයේ ලන්ඩන් නුවරදී පැවැත්වුණා.

ඒ සඳහා ලොව නම් දැරූ පාපන්දු ක්‍රීඩකයන්,ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් හරිත පලස දිගේ සම්මාන රාත්‍රීයට පැමිණියේ මේ ආකරයෙන්.

වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය වෙනුවෙන් ප්‍රංශයේ කිලියාන් ම්බාපේ,නෝර්වේ අර්ලින් හාලන්ඩ් සහ ආර්ජන්ටිනා නායක ලියනොල් මෙසීගේ නම් යෝජනා වී තිබුණා.

ඒ අතරින් සම්මානය හිමිකරගත්තේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනොල් මෙසී.

සිකුරාදා ඉන්ටර් මියාමි පාපන්දු කණ්ඩායම සහ එල් සැල්වදෝර් පාපන්දු කණ්ඩායම අතර පැවැත්වෙන තරගයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිත බැවින් සම්මානය ලබා ගැනීමට මෙසී පැමිණ සිටියේ නැහැ.

මෙසී මීට පෙර 2019 සහ 2022 වසර වලදීද මෙම සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.

වසරේ පාපන්දු ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනාගත්තේ ස්පාඤ්ඤයේ අයිතානා බෝන්මටි.

25 හැවිරිදි අයිතානා වසරේ පාපන්දු ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනාගත්තේ මනාප 52ක් ලබාගනිමින්.

වසරේ හොදම ගෝල රකින්නා ලෙස බ්‍රසීලයේ එඩිසන් සම්මාන හිමිකරගත්තා.

මේරී ඒප්ස් වසරේ හොඳම ගෝල රකින ක්‍රීඩිකාව ලෙස සම්මාන ලබාගත්ත.

වසරේ පාපන්දු පුහුණුකරුට හිමි සම්මානය පේප් ගෘඩෝලා හිමිකරගත් අතර වසරේ පාපන්දු පුහුණුකරුකාරිය ලෙස සම්මානය හිමිකරගත්තේ සෙරීනා විග්මෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *