සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති 3 වැනි සහ අවසන් 20-20 තරගය කඩුලු 9 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත්වුණා.
ඒ අනුව තරග 3කින් සමන්විත මෙම තරගාවලිය 2ට 1ක් ලෙස ජය හිමිකර ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා සිම්බාබ්වේ පිලට ආරාධනා කළා.
ඒ අනුව පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායමේ විශිෂ්ට පන්දු යැවීම හා පන්දු රැකීම හමුවේ පන්දුවාර 14 යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 82ක් පමණයි.
පන්දු යැවීමේදී නායක වනිඳු හසරංග කඩුලු 4ක් දවා ගත් අතර ඇන්ජලෝ මැතිව්ස් සහ මහීෂ් තීක්ෂණ කඩුලු 2 බැගින් දවා ගත්තා.
ලකුණු 83ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගල පළමු කඩුල්ලට ලකුණු 64ක සබඳතාවක් ගොඩනැගුවා.
නායක කුසල් මෙන්ඩිස් ලකුණු 33ක් රැස් කළ අතර පැතුම් නිස්සංක නොදැවී ලකුණු 39 ක් රැස් කළා.
ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 10යි පන්දු 5ක් අවසානයේ කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී සීමාව පසුකර යාමට සමත්වූ අතර පැතුම් නිස්සංක ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණය සටහන් කළේ හයේ පහරකින්.
ඒ අනුව තරග 3කින් සමන්විත මෙම තරගාවලිය 2ට 1ක් ලෙස ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර වනිඳු හසරංග නායකත්වය දැරූ පළමු තරගාවලියද මෙයයි.
තරගයේ වීරයා ලෙස නායක වනිඳු හසරංග සම්මාන දිනා ගත් අතර තරගාවලියේ වීරයා ඇන්ජලෝ මැතිව්ස්
