මැතිව්ස්, භානුක, බිනුර 20-20 සංචිතයට කැඳවයි
සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් සමන්විත 20-20 තරගාවලිය සඳහා ඇන්ජලෝ මැතිව්ස්, භානුක රාජපක්ෂ සහ බිනුර ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබෙනවා.
සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් සමන්විත 20-20 තරගාවලිය සඳහා ඇන්ජලෝ මැතිව්ස්, භානුක රාජපක්ෂ සහ බිනුර ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබෙනවා.
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යැවීම් පුහුණුකරු තනතුර සඳහා අයදුම්කර තිබෙනවා.
ජනවාරි 6 වැනිදා ආරම්භ වීමට නියමිත සිම්බාබ්වේ – ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් අද සිට ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.
අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලිය ඉකුත්දා පැවති තවත් තරගයකින් ජය වාර්තා කිරීමට NCC ක්‍රීඩා සමාජය සමත්වුණා.
කෘත්‍රිම හොකී පිටිය නවීකරණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මූල්‍ය අනුග්‍රහයක් ලබා දී තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට පැන වූ තරග තහනම ඉවත් කිරීමට එස්.එස්.සී ක්‍රීඩා සමාජය තීරණය කර තිබෙනවා.
නව ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් අද පැවති සාකච්ඡාවේදී එක්දින සහ විස්සයි විස්ස නායකත්වය හා සිම්බාබ්වේ තරගාවලියේ සංචිතය පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා.
උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් නව තේරීම් කමිටුව ශ්‍රී ලංකා ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් තුන සඳහා නව නායකයන් පත්කිරීමට තීරණය කර තිබෙනවා.
පුහුණු කාර්ය මණ්ඩලයේ වැඩි අවස්ථාවක් ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයන් වන චමින්ද වාස්, උපුල් චන්දන ,රංගන හේරත් , ටී.එම් ඩිල්ෂාන්, අවිශ්ක ගුණවර්ධන , තිලිණ කණ්ඩම්බි වැනි අයට ලබා දීමට නව ක්‍රිකට් උපදේශක සනත් ජයසූරිය අදහස් කර ඇති බවයි වාර්තාවන්නේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු පාලක කමිටුවක් පත් කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණයට අදාළ ගැසට් නිවේදනයට එරෙහිව ක්‍රිකට් සභාපතිවරයා ඉදිරිපත් කළ පෙත්සමේ විභාග කටයුතු අවසන් කිරීමට අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අද තීන්දු කළා.