වනිඳු ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තුන්වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව කඩුලු 8කින් ජය ගැනීමට ශ්‍රී ලංකා පිල අද සමත්වුණා.

ඒ අනුව තරග 3කින් සමන්විත මෙම තරගාවලිය 2ට බින්දුවක් ලෙස ජය හිමි කර ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසියේ වාසිය සිම්බාබ්වේ නායකයා දිනා ගත් අතර ඔහු පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

සිම්බාබ්වේ ඉනිමේ 8 වැනි පන්දුවාරයේදී සහ 12 වැනි පන්දුවායේදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ එහිදී තරගය තාවකාලිකව අත්හිටුවීමට සිදු වුනා.

අනතුරුව තරගය ආරම්භ වුණේ එක් ඉනිමක් පන්දුවාර 27කට සීමා කරමින්.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 22 යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 96 ක් පමණයි.

මාස 5කට පසු යළි ක්‍රිකට් පිටියට පිවිසි වනිඳු හසරංග සිම්බාබ්වේ ඉනිම සුනු විසුනු කරමින් ලකුණු 19කට කඩුලු 7ක් දවා ගත්තා.

වනිඳුගේ මෙම සුපිරි පන්දු යැවීම එක්දින තරගයකදී ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු දැක් වූ දෙවන හොඳම පන්දු යැවීම ලෙසයි වාර්තා අතරට එක් වුණේ.

එමෙන්ම එය ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදි දඟ පන්දු යවන්නේකු වාර්තා කළ හොඳම පන්දු යැවීමද වනවා.

ලකුණු 97ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල ලෙස අවිශ්ක ප්‍රනාන්දු ලකුණු නොලබා දැවී ගියා.

එක්දින වරම් දිනූ ෂෙවෝන් ඩැනියෙල් සහ නායක කුසල් මෙන්ඩිස් දෙවන කඩුල්ලට ලකුණු 73ක සබඳතාවක් ගොඩනැගුවා.

ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා රැගෙන ගිය නායක කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 66ක් රැස් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *