T20 සංචිතයෙන් භානුක ඉවතට

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් සමන්විත 20-20 තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් එම සංචිතයේ නායකයා ලෙස කටයුත් කරන්නේ වනිඳු හසරංගයි.

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ පිල අතර පන්දුවාර 20-20 තරග 3ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඊට එක්වන 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ඊයේ නම් කළ අතර ඊට ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් ජනිත් පෙරේරා මෙන්ම කමිඳු මෙන්ඩිස් සහ අකිල ධනංජයද සංචිතයට ඇතුළත්.

නුවන් තුෂාර සහ මතීෂ පතිරණද ශ්‍රී ලංකා 20-20 සංචිතයට ඇතුළත් අතර පැතුම් නිස්සංක ශාරිරික යෝග්‍යතාව මත සංචිතයට නම් කර තිබෙනවා.

එම සංචිතයට භානුක රාජපක්ෂ සහ චාමික කරුණාරත්න ඇතුළත්ව නැහැ.

වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුත් විස්සවි විස්ස සංචිතය මෙසේයි.
චරිත් අසලංක, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, කුසල් ජනිත් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, පැතුම් නිස්සංක, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මදුසංඛ, මතීෂ පතිරණ, නුවන් තුෂාර සහ
අකිල ධනංජය.

තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා – සිම්බාබ්වේ 20-20 තරගාලියේ පළමු තරගය ජනවාරි 14 වැනිදාත්, දෙවන තරගය 16 වනදාත්, තුන්වන තරගය 18 වනදාත් කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *