වසරේ විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා ස්පාඤ්ඤයේ රොඩ්රික්
වසරේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයාට පිරිනැමෙන බැලොන් ඩිඕර් සම්මානය මෙවර හිමිකර ගැනීමට ස්පාඤ්ඤයේ රොඩ්රික් ඊයේ සමත් වුණා.
වසරේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයාට පිරිනැමෙන බැලොන් ඩිඕර් සම්මානය මෙවර හිමිකර ගැනීමට ස්පාඤ්ඤයේ රොඩ්රික් ඊයේ සමත් වුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා ටී ටෙන් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු නොවැම්බර් 10 වැනිදා සිදු කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා.
මෙවර ඔස්ට්‍රේලියා කාන්තා බිග්බෑෂ් කාන්තා ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදි පරාජයක් වැඳගන්නට චමරි අතපත්තු නියෝජනය කළ සිඩ්නි තන්ඩර් කණ්ඩායමට අද සිදුවුණා.
පළමු වරට ඉන්දියාවේදී ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම අද සමත්වුණා.
ඕමානයේ පැවැත්වෙන නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන 20-20 තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම අද සමත්වුණා.
සජිත්ගේ පරාජයත් සමග උපාලිගේ සියලු සැලසුම් කරනම් ගැසූ අතර ඒ අනුව ඔහු මේ වන විට ක්‍රිකට් බලය ඇල්ලීමට වෙනක් පාරක් කපමින් සිටියි.
අවසන් තරගයේදී දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම පරාජය කරමින් මෙවර 20-20 ලෝක කුසලානයේ ශූරතාව දිනා ගැනීමට නවසීලන්ත කාන්තා පිල අද ඩුබායි පිටියේදී සමත් වුණා.
17 හැවිරිදි ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන ශූර යෙවාන් ඩේවිඩ් ඉතාලියේ පැවති යුරෝ ෆෝමියුලා විවෘත මෝටර් රථ ධාවන තරගාවලියේ 8වන අදියරේ ජය හිමිකර ගැනීමට සමත්වුණා.
ඉතිහාසයේ පළමු වරට බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව 20-20 තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිල අද දඹුල්ලේදී සමත්වුණා.
ක්‍රීඩකයෙකුගේ කනට ගැසූ හතුරුසිංහ ධුරයෙන් නෙරපීමට තරම් බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන්ට කොන්ද පණ තිබුණත්, මෙරට ක්‍රීඩා බලධාරින්ගේ නපුසංක ගති නිසා රග්බි යොවුන් ක්‍රීඩකයාට කනට ගැසූ සනත් මාර්ටීස් තවමත් රිසි සේ වැඩ කටයුතු සිදු කරයි.