සුමේධ – රුමේෂ් ආසියානු පදක්කමකට ළං වෙයි

දකුණු කොරියාවේ ගුමී හී පැවැත්වෙන 26වැනි ආසියානු මලල ක්‍රීඩා උලෙළේ සිව්වන දිනයේ උදෑසන පිරිමි මීටර 200 ඉසව්වේ මූලික වටයේ තරග ක්‍රියාත්මක වුණා.

එහිදි පිරිමි මීටර 200 ඉසව්වේ තුන්වන මූලික තරගයට එක්වූ ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ එම ඉසව්වේ දෙවැනි ස්ථානය හිමිකර ගනිමින් අවසන් පූර්ව වටයේ තම ස්ථානය තහවුරු කරගත්තා.

කාලිංගගේ තරග නිමි කාලය දැක්වුණේ තත්පර 21යි දශම 7යි 4ක් ලෙසයි.


මේ අතර ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීම ඉසව්වේ අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට සුමේධ රණසිංහ සහ රුමේෂ් තරංග සමත්වුණා.

එහ ඉසව්වේ මූලික වටයේදී සුමේධ රණසිංහ මීටර් 81යි දශම 3යි 3ක දක්ෂතාවයක් දැක්වූ අතර රුමේෂ් තරංග මීටර් 83 යි දශම 7යි 1ක දක්ෂතාවක් දැක්වීමට සමත් වුණා.


මේ අතර පිරිමි මීටර 100 සහය දිවීමේ ඉසව්වේ මූලික වටයේ තරගයකට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට එම ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට තිබූ අවස්ථාව අහිමිව ගියා.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් යෂ්ටි හුවමාරුවේදී, යෂ්ටිය ගිළිහි යාම හේතුවෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *