ඔස්ට්‍රේලියා සුපිරි තුන්ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත් ඔහු තවදුරටත් ජාත්‍යන්තර 20-20 තරග සඳහා ක්‍රීඩා කරනු ඇති.
2012 වසරේදී තුන්ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස එක්දින වරම් දිනූ ග්ලේන් මැක්ස්වෙල් මේ දක්වා 149කට ක්‍රීඩා කරමින් රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 3990ක්.
ඔහු එක්දින කඩුලු 77ක් දවා ගැනීමට සමත් වූ අතර මැක්වෙල් එක්දින ශතක 4කට සහ අර්ධ ශතක 23කට හිමිකම් කියනවා.
වසර 13ක් ඔස්ට්‍රේලියා එක්දින කණ්ඩායම නියෝජනය කළ 36 හැවිරිද මැක්ස්වෙල් අද සිය එක්දින සමුගැනීම නිවේදනය කළා.
කෙසේවෙතත් ජාත්‍යන්තර විස්සයි 20 තරඟ තවදුරටත් තමන් ක්‍රීඩා කරන බවයි මැක්ස්වෙල් සඳහන් කර ඇත්තේ.
ප්‍රහාරාත්මක පිතිකරුවකු වන ග්ලේන් මැක්ස්වෙල්, ඕස්ට්‍රේලියානු පිලට ලෝක කුසලාන දෙකක් ජයග්‍රහණය කිරීමට දායක වූ ක්‍රීඩකයෙක්.
2015 සහ 2023 එක්දින ලෝක කුසලානය දිනූ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙක් වූ මැක්ස්වෙල් 2023 එක්දින ලෝක කුසලාන තරඟ මාලවේ දී ඇෆ්ගනිස්ථානයට එරෙහිව ඔහු නොදැවී වාර්තා කළ ද්විත්ව ශතකය, එක්දින ක්‍රිකට් වංශ කථාවේ ඉතා විශිෂ්ට ඉනිමක් ලෙසයි සැලකෙන්නේ.
එක්දින පිටියේ ද්විත්ව ශතකයක් වාර්තා කළ පළමු ඔස්ට්‍රේලියානු පිතිකරුවා වන්නේ ග්ලේන් මැක්ස්වෙල්.
මේ අතර
