ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්නට පිතිකරණ පුහුණුකරු ධුරයක් පිරිනැමීමට ඉරාන් වික්‍රමරත්න ප්‍රමුඛ පරිවර්තන කමිටුව ඉකුත්දා පියවර ගත්තා.
මෙම ආන්දෝලනාත්මක පත්කිරීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි විරෝධයක් එල්ලවෙමින් තිබෙනවා.
මේ වන විට 59 හැවිරිදි වියේ පසුවන හෂාන් තිලකරත්න මීට පෙර ශ්‍රී ලංකා කාන්තා සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩයම්වල ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කළ අතර හෂාන් සැලකෙන්නේ අසාර්ථක පුහුණුකරුවෙකු ලෙසයි.
කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වලින් ඔහුට නොයෙක් චෝදනා එල්ල වූ අතර එවක සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ඔහු ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගත්තේ කාන්තා ක්‍රිකට් අනාගතය ගැන සිතමින්.
පසුව හෂාන් තිලකරත්න බංග්ලාදේශය කාන්තා පිලේ ප්‍රධාන පුහුණුකුරු ධුරය භාරගත්තද එහිදී බංග්ලාදේශය පෙර නොවූ විරූ අන්ත පරාජයන් ලැබුවා.
කලක් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙකු වූ හෂාන් සිය දේශපාලන හයිය භාවිත කරමින් ක්‍රිකට් පරිපාලනය යළි වෙනස් වූ පසු ඉරාන් වික්‍රමරත්නගේ සහායයෙන් යළි ක්‍රිකට් ආයතනයේ ඉහළ වැටුපක් සමග පුහුණුකරු ධුරයකට පත් කිරීම ක්‍රිකට් ක්‍රීඩාවට පණමෙන් ආදරය කරන සියල්ලන් මවිත කරන කරුණක් බවට පත්ව තිබෙනවා.
හෂාන් තිලකරත්න මෙම ධුරයට පත් කිරීමට පෙර අමෙරිකාවේ ලාබාල කණ්ඩායමක පුහුණුකරු ලෙස කටයුතු කළේ උන්හිටිතැන් අහිමිවීමත් සමගයි.
කෙසේ වෙතත් මේ වන විට වසරකට අධික කාලයක් සඳහා ඔහු පිතිකරණ පුහුණුකරුවෙකු ලෙස ක්‍රිකට් පරිවර්තන කමිටුව ඔහුව පත්කර ඇත්තේ හෂාන් ආබාධ රැසක් දිවිගෙන සමයකවීමත් කැපී පෙනනවා.
ක්‍රිකට් ගොඩනගන්න පැමිණි බව කියූ පරිවර්තන කමිටුව යළි දැන් සිදු කරන්නේ එවක පරිපාලනය ගොඩනැගූ ක්‍රිකට් පරිපාලනය යළි ආගාධයට ඇදදැමීමට නොවේද ?
හෂාන් ප්‍රධාන පුහුණුකරුව සිටින සමයේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තිබුණේ කොතැනද ? අද තිබෙන්නේ කොතැනද ? මෙය සිතන්නට කරුණක්.
කාන්තා ක්‍රිකට් වලපල්ලට තැබූ පුහුණුකරුවෙකු පිරිමි කණ්ඩායමක පිතිකරණය හදයිද ?
කියන්නට ඇත්තේ හෂාන්ගේ අතීතය විශිෂ්ට වුවත් වර්තමානය පජාත යන්නයි.
