කාලිංග, නදීෂා සහ යෝධසිංහ අවසන් වටයට

අද පැවති පිරිමි මීටර 400 ඉසව්වේ දෙවන අවසන් පූර්ව වටයේ තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්වූ කාලිංග කුමාරගේ එක් වූ අතර ඔහු එහිදී දෙවන ස්ථානය හිමිකර ගනිමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තා.

ඒ තත්පර 45 යි දශම 7යි4ක දක්ෂතාවක දක්වමින්.

මේ අතර කාන්තා මීටර 400 මූලික වටයේ දෙවැනි තරගයට සහභාගී වූ නදීෂා රාමනායක තුන්වන ස්ථානය දිනාගනිමින් එම ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තා.

එසේම පිරිමි මීටර 100 ඉසව්වේ දෙවන මූලික තරගයට එක්වූ චමෝද් යෝධසිංහ එහි පළමු ස්ථානය හිමිකර ගනිමින් එම ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.

චමෝද්ගේ තරගය නිමි කාලය දැක්වුණේ තත්පර 10යි දශම 4යි 0ක් ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *