ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට කෝටි 25ක සල්ලි මල්ලක්

අයි සි සි ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ ශූරයන්ට පිරිනමන මුදල් ත්‍යාගය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ඊයේ නිවේදනය කළා.

ඒ අනුව මෙවර ටෙස්ට් ලෝක ශූරයන්ට පිරිනැමීමට නියමිත මුදල වන්නේ අමෙරිකා ඩොලර් මිලියන තුනයි දශම 6ක්.

අයි සි සි ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් මහා තරගය වෙනුවෙන් ඇත්තේ තව දින 30ක පමණ කාලයක්.

ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන අවසන් මහා තරගයට ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව සුදුුසකම් ලබා සිටිනවා.

දකුණු අප්‍රිකාව අවසන් මහා තරගයේ තම ස්ථානය තහවුරු කරගත්තේ පාකිස්තානය,බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම,බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව පරාජය කරමින්.

ඉන්දියාව තරග 3 ට 1ක් ලෙස,පාකිස්තානය තරග 3 ට 0ක් ලෙස , නවසීලන්තය සහ ශ්‍රී ලංකා පරාජය කරමින් ඔස්ට්‍රේලියාව අවසන් මහා තරගයේ තම ස්ථානය තහවුරු කරගත්තා

එම අවසන් මහා තරගය ජුනි 11වැනිදා සිට ජුනි 15 වැනිදා දක්වා පැවැත්විමට නියමිතයි.

අවසන් මහා තරගයේ ශූරයන්ට පිරිනමන මුදල් ත්‍යාගය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ඊයේ නිවේදනය කළා.

එම මුදල අමෙරිකා ඩොලර් මිලියන 3යි දශම 6ක්.

අවසන් මහා තරගයේ අනුශූරයන්ට ඇමරිකානු ඩොලර් මිලියන 2.16ක මුදලක් පිරිනැමීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *