රොෂාන්ගෙන් පසු සුනිල් කරපු හරියක්

ලබන වසරේ පෙබරවාරි මස ශ්‍රී ලංකාවේ සත්කාරක්ත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ ශූරයන්ගේ කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේදී පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව පරිපාලනමය ප්‍රතිසංස්කරණ තවදුරටත් සිදු කරමින් පවතින බැවින් තරගාවලිය ඉන්දියාව වෙත ගෙන යාමට තීරණය කළ බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ.

පළමුවරට සංවිධාන කරන ICC ශුරයින්ගේ කුසලාන කාන්තා 20-20 තරගාවලිය ලබන වසරේ පෙබවාරි 14 වැනිදා සිට 28 වැනි දක්වා ශ්‍රී ලංකාවේ සත්කාරක්තවයෙන් පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මීට පෙර තීරණය කර තිබුණා.

වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන කටයුතු පරිවර්තන කමිටුවක් හරහා සිදුවන අතර එය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පිළිනොගන්නා බැවින් මෙම තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිවනු ඇති බවටද ඉඟි පළ වුණා.

ඒ අනුව ඉකුත්දා රැස් වූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටුව තීරණය කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව පරිපාලනමය ප්‍රතිසංස්කරණ තවදුරටත් සිදු කරමින් පවතින බැවින් මෙම තරගාවලිය ඉන්දියාව වෙත රැගෙන යාමටයි.

ශ්‍රී ලංකාවට අයි සී සී තරගාවලියක සත්කාරකත්වයක් අහිමි වූ දෙවන අවස්ථාව මෙය වන අතර මීට පෙර 2024 වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ අතර එවක ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කිරීමට පියවර ගැනීමත් සමග වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාත්වය ශ්‍රී ලංකාවට අහිමි වුණා.

මෙවර ICC ශුරයින්ගේ කුසලාන කාන්තා 20-20 තරගාවලිය සඳහා ශ්‍රෙණිගතකිරීම්වල මුල් ස්ථාන පහේ සිටින කණ්ඩායම් 5 සහ සත්කාරක කණ්ඩායම ඇතුළුව කණ්ඩායම් 6ක් තරග වැදීමට නියමිතයි.

කෙසේ වෙතත් 20-20 ශ්‍රේණිගත කිරීම්වල 7 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා කාන්තා පිලට මෙම තරගාවලියට සහභාගිවීමට අවස්ථාව හිමිව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *