එංගලන්ත තරග සංචාරයට එක්වන ශ්‍රී ලංකා එක්දින සහ 20-20 සංචිත අද නම් කළා.
වසර දෙකහමාරකට පසු දසුන් ශානක යළි එක්දින සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයක්.
පළමුවරට සංවිධාන කරන ICC ශුරයින්ගේ කුසලාන කාන්තා 20-20 තරගාවලිය ලබන වසරේ පෙබවාරි 14 වැනිදා සිට 28 වැනි දක්වා ශ්‍රී ලංකාවේ සත්කාරක්තවයෙන් පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මීට පෙර තීරණය කර තිබුණා.
වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන කටයුතු පරිවර්තන කමිටුවක් හරහා සිදුවන අතර එය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පිළිනොගන්නා බැවින් මෙම තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිවනු ඇති බවටද ඉඟි පළ වුණා.
ඒ අනුව ඊයේ රැස් වූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටුව තීරණය කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව පරිපාලනමය ප්‍රතිසංස්කරණ තවදුරටත් සිදු කරමින් පවතින බැවින් මෙම තරගාවලිය ඉන්දියාව වෙත රැගෙන යාමටයි.
ශ්‍රී ලංකාවට අයි සී සී තරගාවලියක සත්කාරකත්වයක් අහිමි වූ දෙවන අවස්ථාව මෙය වන අතර මීට පෙර 2024 වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාත්වය ශ්‍රී ලංකාවට අහිමි වුණා.
ඒ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කිරීමට පියවර ගැනීමත් සමගයි.
මෙවර ICC ශුරයින්ගේ කුසලාන කාන්තා 20-20 තරගාවලිය සඳහා ශ්‍රෙණිගතකිරීම්වල මුල් ස්ථාන පහේ සිටින කණ්ඩායම් 5 සහ සත්කාරක කණ්ඩායම ඇතුළුව කණ්ඩායම් 6ක් තරග වැදීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ශ්‍රේණිගත කිරීම්වල 7 වැනි ස්ථානයේ පසුවුවද ශ්‍රී ලංකාවට මෙවර තරගාවලියට සහභාගවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අවස්ථාව ලබාදී තිබෙනවා.

