ආබාධිතයන් නම් කර ක්‍රිකට් තේරිම් කමිටුව හත්පොලේ ගහගනියි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේදී නායකත්වයේ වගකීම හිමිව තිබූ කුසල් මෙන්ඩිස් එම සංචාරයේ 20-20 තරගාවලියට සහභාගි නොවන බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා.

ඒ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අතරතුර ආබාධයකට ලක්වූ කුසල් මෙන්ඩිස් තවමත් ප්‍රතිකාර ලැබීම හේතුවෙන්.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අතරතුර කුසල් මෙන්ඩිස් පාදයේ ආබාධයකට ලක්වුණා.

එම ආබාධයෙන් සුවය ලබමින් සිටි කුසල් මෙන්ඩිස්ව එළඹෙන එංගලන්ත තරග සංචාරයේ එක්දින සහ 20යි 20 සංචිත දෙකේම නායකත්වයට නම්කර තිබුණා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළේ කුසල් මෙන්ඩිස් සහ බිනුර ප්‍රනාන්දු තවදුරටත් එම ආබාධයෙන් සුවය ලබමින් සිටින බැවින් ඔහුට එංගලන්ත සංචාරයේ 20-20 තරගාවලිය අහිමිවන බවයි.

කපිල විජේගුණවර්ධන ප්‍රමුඛ නව ක්‍රිකට් තේරිම් කමිටුව ආබාධිත පුද්ගලයින් නම් කළේ ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව මැන බලමින්ද ? හරිහැටි වගකීමක් නොමැතිව ක්‍රීඩකයින් සංචිතයට නම් කිරීම සිදු කළ හැකිද ?

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ගෙන ආ fitness test කිසිවක් අද ක්‍රියාක්මක නොවක ආකාරයක් මෙමගින් පෙනීයන අතර ඩිල්ෂාන් මදුසංඛ සහ පවන් රත්නායක 20-20 සංචිතයට කැඳවීම සඳහා මේ දක්වා ක්‍රීඩා අමාත්‍යවරයාගේද අනුමැතිය හිමිවී නොමැති බවද වාර්තා වනවා.

මේ දක්වා කිසිදු මාධ්‍ය හමුවක් සඳහා එක් නොවූ වත්මන් ක්‍රිකට් තේරීම් කමිටුව කට්ටි පැන පැන සිටින්නේ ක්‍රිකට් ක්‍රීඩාව වලපල්ලට ඇද දමමින්.

වත්මන් ක්‍රිකට් තේරිම් කමිටුවේ ඇතැම් සාමාජිකයින් මුදලට ක්‍රීඩකයින් සංචිතවලට ඇතුළත් කර ගන්නා බවටද තොරතුරු වාර්තා වනවා.

කුසල් මෙන්ඩිස් වෙනුවට පවන් රත්නායකත් බිනුර ප්‍රනාන්දු වෙනුවට ඩිල්ෂාන් මධුශංකත් 20-20 සංචිතයට නම්කර කර තිබෙන අතර කුසල් මෙන්ඩිස්ගේ වෙනුවට ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායම මෙහෙයවීම වගකීම පැවරී ඇත්තේ චරිත් අසලංකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *