ඔලිම්පික් මුල් පුටුව අසංගට – ජස්වර්, ශිරන්ත පරාදයි

ඉදිරි වසර 4ක කාලය සඳහා ජාතික ඔලිම්පික් කමිටුවේ නව සභාපති ලෙස අසංග සෙනෙවිරත්න මහතා තේරීපත්වුණා.

ඒ, ඊයේ පස්වරුවේ ඔලිම්පික් නිවහනේදී පැවති නිලවරණයේදී ඡන්ද 16ක් ලබාගනිමින්.
ඉදිරි වසර 4ක කාලය සඳහා ජාතික ඔලිම්පික් කමිටුවට නිලධාරීන් පත්කර ගැනීමේ නිලවරණය සහ මහා සභා රැස්වීම ඔලිම්පික් නිවහනේදී  ආරම්භ වුණා.

මෙවර සභාපති ධුරය සඳහා අපේක්ෂකයන් 5 දෙනෙක් නාමයෝජනා භාරී දී තිබුණා.

ඒ පස්දෙනා අතරින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර්, ශ්‍රී ලංකා වෙඩි තැබීමේ සම්මේලනයේ උපසභාපති ශිරන්ත පීරිස් සහ ශ්‍රී ලංකා බේස් බෝල් සම්මේලනයේ සභාපති අසංග සෙනෙවිරත්න පප්‍රධාන අපේක්ෂකයින් වුණා.

ඒ අනුව සාමාජිකයන්ගේ පැමිණීමෙන් අනතුරුව පස්වරු 4ට පමණ ජාතික ඔලිම්පික් කමිටු මහා සභා රැස්වීම ආරම්භ කෙරුණා.

මහසභා රැස්වීමෙන් අනතුරුව සභාපති තෝරා ගැනීම වෙනුවෙන් ඡන්ද විමසීම ආරම්භ කළා.

එහිදි නිල ඡන්ද බලය හිමි ජාතික ක්‍රීඩා සංගම් 30න් 16ක ඡන්දය හිමි කර ගත් අසංග සෙනෙවිරත්න මහතා ඔලිම්පික් නිලවරණයේ ජය හිමි කරගත්තා.

ජස්වර් උමාර් මහතා ඡන්ද 11ක් හිමිකරගත් අතර ශිරන්ත පීරිස් මහතා හිමිකරගත්තේ ඡන්ද දෙකක් පමණයි.

ජාතික ඔලිම්පික් කමිටුවේ නව ලේකම් ලෙස රිෆ්ඩි ෆාමී මහතා පත්වුණා.

ඒ අනුව ඉදිර වසර 4ක කාලයේ ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා ලෙස අසංග සෙනෙවිරත්න මහතා කටයුතු කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *