එංගලන්ත සවි එසවීමේ ජාතික ශූරතා තරගාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා සම්භවයක් සහිත සුරේන් පෙරේරා සමත්වුණා.
ඔහු එම තරගාවලියේ රන් පදක්කම දිනා ගත්තේ අඛණ්ඩව 3 වැනි වරටයි.
2026- එංගලන්ත සවි එසවීමේ ජාතික ශූරතාවලිය සදම්ප්ටන් හිදි පැවැත්වුණා.
මෙම තරගාවලිය ජාත්‍යන්තර සවිය එසවීමේ සංගමය යටතේ ඇති English සවි එසවීමේ මගින් වාර්ශිකව සංවිධානය කරනු ලබනවා.
දැනට වර්තමාන එංගලන්ත කණ්ඩායම නියෝජනය කරනු ලබන ශ්‍රී ලංකා සම්භවයක් සහිත සුරේන් පෙරේරා කිලෝගෑම් 59 බර පන්තියේ විවෘත Classic අංශයේ තරගය සඳහා මෙහිදී එක්වුණා.
ඔහු මෙම බර පන්තියේ පදක්කම දිනා ගැනිමට සමත්වූණා.
ඒ Bench Press ඉසව්වේ කිලෝගෑම් 135KGක් , Dedlift ඉසව්වේ කිලෝගෑම් 220KGක් සහ Squat ඉසව්වේ කිලෝගෑම් 160KG ක් ඇතුළුව සමස්ථ බර කිලෝගෑම් 515KG ක් ඔසවමින්.
මෙම තරගාවලියේ දැනට පවතින Bench Press ඉසව්වේ තරගවාර්තාව ද සුරේන් පෙරේරා සතු වීමද විශේෂත්වයක්.
