රුමේෂ් තරංග හෙල්ලයෙන් කෙන්යාව හොල්ලයි

කෙන්යාවේ නයිරෝබි නුවර පැවති කීප් කීනෝ ක්ලැසික් තරගාවලියේදී නව තරග වාර්තාවක් සමගින් පළමු ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග අද සමත්වුණා.

ඔහු මෙහිදී දැක් වූ දක්ෂතාව මීටර 89යි දශම 2යි 8ක්.

ලෝක මලල ක්‍රීඩා රන් මට්ටමේ (World Athletics Gold-level) කීප් කීනෝ ක්ලැසික් තරගාවලිය කෙන්යාවේ නයිරෝබි නුවර පැවති අතර එහි පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්ව සඳහා ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සහභාගි වුණා.

මෙහිදී රුමේෂ් තරංග ඔලිම්පික් ශූර ජර්මනියේ තෝමස් රෝලර් සහ ඔලිම්පික් රිදී පදක්කම්ලාභී මෙන්ම ලෝක ශූර කෙන්යාවේ ජූලියස් යෙගෝ වැනි ප්‍රබල ක්‍රීඩකයින් පරාජය කිරීමට සමත් වීම විශේෂත්වයක්.

රුමේෂ් තරංග මීටර් 89යි දශම 2යි 8ක වාර්තාගත දක්ෂතාවක් දක්වමින් තමන් සතු සුවිශේෂී හැකියාව නැවත වරක් තහවුරු කරන්නට සමත්වුණා.

ඒ නව තරග වාර්තාවක්ද පිහිටුවමින්.

රුමේෂ් තරංග දින 30ක් ඇතුළත මීටර් 89 සීමාව පසු කළ දෙවන අවස්ථාව මෙය වීමත් කැපී පෙනෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *