ජාතික ඔලිම්පික් කමිටුවේ මාධ්‍ය කණ්ඩායමත් සමාරම්භයට – ක්‍රීඩා මාධ්‍යෙව්දින් ගෙදර

ලෝකයේ ඔලිම්පික් සහ ආසියානු ක්‍රීඩා උළෙලවලට පසුව පැවැත්වෙන විශාලතම ක්‍රීඩා උළෙලවන 23වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අද ආරම්භ වනවා.

ඒ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ හිදීයි.

23 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ අද සිට අගෝස්තු 02වැනිදා දක්වා පැවැත්වෙන්නේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ හිදීයි.

2014 වසරෙන් පසුව ස්කොට්ලන්තය, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළක් සඳහා සත්කාරකත්වය ලබාදෙන දෙවන අවස්ථාව මෙයයි.

මෙවර තරගාවලිය සඳහා රටවල 74ක් සහභාගී වන අතර ක්‍රීඩක සංඛ්‍යාව 3,000කට ආසන්න සංඛ්‍යාවක් තරගාවලිය සඳහා එක්වනවා.

මෙවර තරගාවලියේ පිරිවැය සීමා කිරීම සඳහා ක්‍රීඩා ඉසව් ගණන 10ක් දක්වා අඩු කර ඇති අතර, ග්ලාස්ගෝ නගරයේ සැතපුම් 8ක සීමාවක් ඇතුළත පිහිටි ප්‍රධාන ක්‍රීඩා සංකීර්ණ 4කදී පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

23වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 40ක් සහභාගීවන අතර ඔවුන් ක්‍රීඩා ඉසව් 7ක් නියෝජනය කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ජාතික ශූර රුමේෂ් තරංග මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙනවා

සමාරම්භක උලළේදී ශ්‍රී ලංකා ධජය රැගෙන යාමේ අවස්ථාව හිමි වී ඇත්තේ පැරා කවපෙත්ත විසි කිරීමේ ඉසව්වට එක්වන පාලිත බණ්ඩාරටයි.

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙලට ශ්‍රී ලංකාවේ පිළිගත් මාධ්‍ය ආයතනවල කිසිදු මාධ්‍යවේදියෙක් එය ආවරණය සඳහා එක් නොවන අතර ඊට හේතුවී ඇත්තේ ජාතික ඔලිම්පික් කමිටුව ඒ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් නොකිරීමයි.

ඉතිහාසයේ පළමු වතාවට මෙරට පිළිගත් මාධ්‍ය ආයතනවල මාධ්‍යෙව්දීන් නොමැති පොදුාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙලක් බවට මෙවර ක්‍රීඩා උලෙල පත්ව තිබෙනවා.

අද අලුයම පැවැති පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙලේ සමාරම්භක උත්සවයට ජාතික ඔලිම්පික් කමිටුවේ මාධ්‍ය කණ්ඩායම එක්වීම විහිළු සහගත ක්‍රියාවක් බවට පත්ව තිබෙනවා.

සුපිරුදු පරිදි මෙවරත් ජාතික ඔලිම්පික් කමිටුව සිය හිතවතුන් සහ නිලධාරීන් මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙලේ සමාරම්භයට එක් කිරීම කණගාටුවකට කරුණක්.

ජාතික ඔලිම්පික් කමිටුවේ නව සභාපති අසංග සෙනෙවිරත්න රග්බි සංගමයේ සභාපතිවරයාව කටයුතු කරන සමයේ විවිධ චෝදනා එල්ල වූ අතර රග්බි හිටපු සභාපති රිස්ලි ඉල්ලායාස් සමාජ මාධ්‍ය තුළ ඒ පිළිබද එළිපිට කමෙන්ට් කර තිබුණේ මෙලිසින්.

ශ්‍රී ලංකා කණ්ඩායම මලල ක්‍රීඩා, ජිම්නාස්ටික්, බොක්සිං, පිහිනුම්, බර එසවීම සහ ජූඩෝ තරග ඉසව් සඳහා එක්වීමට නියමිතයි.

මෙවර සමාරම්භක උත්සවයට සහාභගි වූ ජාතික ඔලිම්පික් කමිටුවේ මාධ්‍ය කණ්ඩායමේ දෙදෙනක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *