6 වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උලෙළේදී පිරිමි කබිඩි ඉසව්වෙ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාව අද සමත්වුණා.
ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නෙ චීනයේදීයි.
6 වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උලෙළේ පිරිමි කබඩි ඉසව්වෙ අවසන් පූර්ව වටයේ තරගයක් ඊයේ පැවැත්වුණේ ඉරානය සහ ශ්‍රී ලංකාව අතරයි.
මෙම තරගයේදී මිලින්ද චතුරංග,සමින්ද සන්තුෂ්ට,ඩිලාන් සංජය,රුවන් සමරකෝන්,මොහමඩ් අන්සාෆ් සහ අභිත් අකාර් එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළා.
කෙසේ වෙතත් මෙම තරගය ලකුණු 42ට 29ක් ලෙස ජය ගත්තේ ඉරානයයි.
ඒ අනුව ශ්‍රී ලංකා පිරිමි කබඩි කණ්ඩායමට ලෝකඩ පදක්කමෙන් සෑහීමට පත්වීමට සිදුවුණා.
මෙවර ආසියානු වෙරළ ක්‍රීඩා උලෙළේ මේ වන විට රිදී පදක්කම් 2ක් ලෝකඩ පදක්කම් 4ක් දිනා ගනිමින් ශ්‍රී ලංකාව පදක්කමට සටහනේ 11 වැනි ස්ථානයේ පසුවනවා.
