මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ බොක්සිං ඉසව්වෙන් ශ්‍රී ලංකාව තැබූ පදක්කම් බලාපොරොත්තුවක් ඊයේ බිඳ වැටුණා.
ඒ කාන්තා බොක්සිං කිලෝග්‍රෑම් 57 බර පන්තියෙන් තරග වැදුණු කෙෂානි හංසිකා අර්ධ අවසන් පූර්ව තරගයේදී තියුණු තරගයකින් පසු පරජය වීමත් සමගයි.
23 වැනි පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං කිලෝග්‍රෑම් 57 බර පන්තියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග ඊයේ පැවති අතර එම තීරණාත්මත වටයේ තරගයට ශ්‍රී ලංකාවේ කෙෂානි හංසිකා සහ ෆිජි රාජ්‍යයේ ක්‍රීඩිකාවක් සහභාගි වුණා.
තියුණු මුහුණුවරක් ගත් මෙම තරගය ආරම්භයේ සිටම ක්‍රීඩිකාවන් දෙදෙනාම ප්‍රබල ප්‍රහාර එල්ල කළා.
ෆිජි ක්‍රීඩිකාව අභියෝග කළ කෙෂානි හංසිකා පළමු වටය 29ට 28ක් ලෙස තියුණු ජයක් ලබමින්.
2වැනි, 3වැනි, සිව්වැනි සහ පස්වැනි වටවලදී ක්‍රීඩිකාවන් දෙදෙනා අතර තියුණු සටනක් පැවතියා.
එම වටවලද ක්‍රීඩිකාවන් දෙදෙනා ප්‍රබල ප්‍රහාර එල්ල කළා.
කෙසේ වෙතත් තියුණු සටනකින් පසු ශ්‍රී ලංකා බොක්සිං පදක්කම් බලාපොරොත්තුවක් වූ ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩිකා කෙෂානි හංසිකා පරාජය වැඳගැනීමට සිදුවුණා.
දෙවැනි වටය 30ට 27ක් ලෙසත්, තුන්වැනි වටය 29ට 28ක් ලෙසත් සිව්වැනි වටය 29ට 28ක් ලෙස සහ පස්වැනි වටය 29ට 28ක් ලෙසත් කෙෂානි හංසිකා පරාජය පත් වුණේ තියුණු සටනකින් පසුවයි.
ඒ අනුව 4ට 1ක් ලෙසන අර්ධ අවසන් පූර්ව වටයේ තරගය ජයගත් ෆිජි ක්‍රීඩිකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.
