2026 පාපන්දු ලෝක ශූරයින්ට කෝටි 1500ක්

ලබන වසරේ දී අමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට සහභාගී වන කණ්ඩායම් සඳහා ප්‍රදානය කරන ත්‍යාග මුදල 50% කින් වැඩි කරන බව ලෝක පාපන්දු සම්මේලනය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ලෝක කුසලානයේදී කණ්ඩායම් සඳහා වාර්තාගත ඇමරිකානු ඩොලර් මිලියන 727ක මුදලක් ප්‍රදානය කෙරෙන අතර එහිදී මෙවර ශූරයින්ට පිරිනැමෙන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 50ක්.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 1500කට අධිකයි.

ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ලබන වසරේ ජුනි 11 සිට ජුලි 19 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *